යන යකා කොරහත් බිදගෙන ගියා වගේ. ඇමරිකානු ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් මිය ගිය 10 ම අහිංසක සිවිල් පුරවැසියන්. හත්දෙනෙක්ම දරුවන්. බාලම දැරිවිය වයස අවුරුදු 2 ක සිගිත්තියක්.

0
144
- Advertisement -

යන යකා කොරහත් බිදගෙන ගියා වගේ.
ඇමරිකානු ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් මිය ගිය 10 ම අහිංසක සිවිල් පුරවැසියන්.
හත්දෙනෙක්ම දරුවන්. බාලම දැරිවිය වයස අවුරුදු 2 ක සිගිත්තියක්.

කාබුල් ගුවන් තොටුපළට එල්ල වූ මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව, ප‍්‍රහාරය සැලසුම් කළ ත‍්‍රස්තයන් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප‍්‍රහාර එල්ල කිරීමට ඇමරිකාව කටයුතු කර තිබුණි.

ඒ අනුව අගෝස්තු 29 වන දා එල්ල කළ ප‍්‍රහාරයෙන් පුද්ගලයන් දහදෙනෙකු මිය ගිය බව වාර්තා විය.

එසේ මිය ගිය පුද්ගලයන් දස දෙනා අහිංසක සිවිල් වැසියන් බව මේ වන විට ඇමරිකාව පිළිගෙන තිබේ.

මිය ගිය දස දෙනා අතර දරුවන් හත් දෙනෙකු සිට ඇති අතර, බාලම දරුවාගේ වයස අවුරුදු දෙකකි.

විසි වසරක කාලයක් ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානය තුළ මෙහෙයුම් සිදු කළ අතර ඔවුන් ඇෆ්ගනිස්ථානය තුළ දියත් කළ අවසාන හමුදා මෙහෙයුම මෙම ඩ්‍රෝන ප‍්‍රහාරයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − 8 =