මෝදී පාලනයේ බහින දසාව උදා වේ. බටහිර බෙංගාලයේ බලයත් ගිලිහේ.

0
107
- Advertisement -

මෝදී පාලනයේ බහින දසාව උදා වේ.
බටහිර බෙංගාලයේ බලයත් ගිලිහේ.

මැතිවරණ ව්‍යාපාරය තුළ බටහිර බෙංගාලයේ බලය අත්පත් කර ගැනීම කෙරෙහි අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය දැඩි ලෙස උත්සාහ කළද ඔහුගේ එම උත්සාහය අසාර්ථක කරමින් බටහිර බෙංගාලයේ බලය මෝදිගේ විරුද්ධවාදියා වන මමර්තා බැනර්ජී විසින් දිනාගෙන තිබේ.

මමර්තා බැනර්ජි නායකත්වය දුන් ටී.එම්.සී පක්ෂය බටහිර බෙංගාලය තුළ තුනෙන් දෙකක බලයක් අත්කරගෙන තිබේ.

ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තුළ, බටහිර බෙංගාලයේ බලය ලබා ගැනීම සදහා, නරේන්ද්‍ර මෝදි අග‍්‍රාමාත්‍යවරයා කීර්තිමත් බෙංගාල ලේඛකයෙකු වූ රවීන්ද්‍රනාත් ඨාගෝර් මෙන් දිගු රැුවුලක් වවා සිටිය බවද පැවසේ.

තමිල්නාඩු ප‍්‍රාන්තයේ බලය ද භාරතීය ජනතා පක්ෂය සහාය දැක් වූ ඒ.අයි.ඒ.එම්.ඞී කේ පක්ෂය පරදා – ඉන්දීය කොන්ග‍්‍රස් පක්ෂයේ සහාය ලැබූ ඞී.එම්.කේ පක්ෂයට හිමිව තිබේ.

පසුගිය මැතිවරණයේ දී තමිල්නාඩු ප‍්‍රාන්තයේ බලය හිමිකරගෙන තිබුණේ ඒ.අයි.ඒ.එම්.ඞී.කේ පක්ෂයයි.

මෝදි නායකත්වය දරන භාරතීය ජනතා පක්ෂය ඊසානදිග අසෑමයේ බලය අත්පත් කරගෙන තිබුණද, වෙනත් ප‍්‍රාන්තවල වැඩි බලයක් අත්පත් කර ගැනීමට අපොහොසත් ව තිබේ.