මොරටුවේ ළමා මවුවරු 77 ක්.

0
2971
- Advertisement -

මොරටුව ප‍්‍රදේශයේ ළමා මවුවරු 77 දෙනෙකු සිටින බව වාර්තා වේ. මෙම මව්වරුන්ගෙන් 54 ක් ම, වයස අවුරුදු 13 ත් 15 ත් අතර වයසේ පසුවන ළමා මවුවරුන් ය.

මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීනී, එම්.එම්. තිලකරත්න මෙනෙවිය විසින් මේ බව හෙළිදරව් කර තිබේ.

අඩු වයසින් පාසල් අධ්‍යාපනය හමාර කිරීම, පේ‍්‍රමසම්බන්ධතාවල පැටලීම සහ ලිංගික අධ්‍යාපනය පිළිබඳව ඇති නොදැනුවත්භාවය සහ ලිංගික කුතුහලය මේ තත්ත්වයට හේතු වී තිබෙන බව ඈ විසින් පවසා තිබේ.