මොනව කළත් අපි තාම දුකෙන්…!

0
609
- Advertisement -

රටවල් 156 කින්, ලංකාවේ අපි ඉන්නේ ලෝක සතුටු දර්ශකයේ 130 වෙනි ස්ථානයේ. අපිට වඩා දුකෙන් ඉන්නේ රටවල් විසි හයක් විතරයි. කොච්චර ප‍්‍රශ්න තිබ්බත් පකිස්ථානය 67 වෙනි ස්ථානයේ ඉන්නවා. භූතානය 95 වෙනි ස්ථානය දිනාගන්න සමත් වෙලා තියෙනවා. බංග්ලාදේශය 125 වෙනි ස්ථානයට එද්දී ඉන්දියාව 140 වෙනි තැනට වැටිලා තියෙනවා. කොහොම බැලූවත් දකුණු ආසියාවේ අනිත් සේරම වගේ රටවල් අපට වඩා ඉහළින් ඉන්න බවයි පේන්න තියෙන්නේ. ඒක පුද්ගල ආදායම, රජයන් විසින් දියත් කරලා තියෙන සමාජ සුබ සාධන වැඩසටහන්, රටේ ජනතාවගේ ආයු අපේක්ෂාව, පුද්ගලයන් භුක්ති විදින නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වගේ කාරණා ගණන් බැලීමෙන් තමයි ලෝක සතුටු දර්ශකයේ රටකට හිමි තැන තීරණය කරන්නේ. ලෝකේ සතුටෙන්ම ඉන්නේ පින්ලන්ත ජාතිකයෝ. දෙවෙනි වතාවටත් ඔවුන් එකට ආවා. දෙක ඩෙන්මාර්කය. තුන නෝර්වේ. ශ්‍රේණිගත කිරීම්වල පහළින්ම ඉන්නේ දකුණු සූඩානය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 5 =