මෛත‍්‍රී මහින්ද පාර්ශ්ව අද තීරණාත්මක හමුවක.

0
513
- Advertisement -
Share

අයවැය තෙවන වර ඡන්දය විමසීමේ දී මහින්ද පාර්ශ්වය අය වැයට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කළ අතර, මෛත‍්‍රී පාර්ශ්වය ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය. මෛත‍්‍රීපාර්ශ්වයේ මෙම ස්ථාවරය මහින්ද පාර්ශ්වයේ දැඩි දෝශ දර්ශනයට ලක් විය. එම සිදුවීම සිදු වූ යේ පසුගිය සිකුරාදා ය. ඉන් පසුව පළමු වරට අද දින පෙරවරුවේ මහින්ද පාර්ශ්වය සහ මෛත‍්‍රී පාර්ශ්වය මුණ ගැසීමට නියමිතය. ඒ ඉදිරි මැතිවරණ සදහා තරග කිරීමට මෛත‍්‍රී පාර්ශ්වය සහ මහින්ද පාර්ශ්වය එක්ව ගොඩ නැගීමට නියමිත සන්ධානය පිළිබදව සාකච්ඡ කිරීම සඳහාය. අය වැය ඡන්ද විමසීමේ දී අය වැයට විරුද්ධ නොවී සිටීමට මෛත‍්‍රී පාර්ශ්වය ගත් ආන්දෝලනාත්මක තීරණය හේතුවෙන් දෙපාර්ශ්වය අතර අද පවතින සාකච්ඡුාව තීරණාත්මක එකක් වනු ඇතැයි බොහෝ දෙනාගේ අදහසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − 9 =