මෛත‍්‍රී බොරු කියන බව සිංගප්පූරු රජය නිල වශයෙන් දැනුම් දෙයි.

0
684
- Advertisement -

මහ බැංකු බැදුම්කර වංචාවේ ප‍්‍රධාන සැකකරු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට භාර දෙන ලෙස තමන් සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියද, ඊට සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයාගෙන් යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා ප‍්‍රකාශ කර තිබුණි. ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාගේ එම චෝදනාව ප‍්‍රතික්ෂේප කරන සිංගප්පූරු රජය, අදාල කරුණ සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක කිරීමට නම්, උදර්පණ නීතිය යටතේ ලංකා රජයෙන් ලබා දිය යුතු ලිපි ලේඛන කිහිපයක් තිබෙන බවත්, ඒවා කිසිවක් මේ වන තෙක් ලංකා රජය විසින් තමන් වෙත ඉදිරිපත් කර නොමැති බවත් සඳහන් කරයි. සිංගප්පූරුව නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කර ඇති රටකි. එරට අගමැතිවරයාට හෝ වෙනත් කිසිවෙකුට තමන්ට අවශ්‍ය පරිදි නීතිය අතට ගැනීමට නොහැක.