මෛත‍්‍රී තාමත් වැට උඩ…!

0
624
- Advertisement -
Share

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී ඊට විරුද්ධ වනවාද, නැතිනම් ඡුන්දය දීමෙන් වැළකී සිටිනවාද යන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රී පාර්ශ්වය විසින් තවමත් තීරණය කර නැති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ සවස පැවති සාකච්ඡව විසදුමකින් තොරව අවසන් වී තිබේ. අයවැයට විරුද්ධව ඡන්දය දීම සදහා මෛත‍්‍රීපිල මහින්ද පාර්ශ්වයට ඉදිරිපත් කළ කොන්දේසි මොනවාද යන්න තවමත් හෙළිදරව් වී නැත. කෙසේ වෙතත් බොහො දෙනා පවසන්නේ පොහොට්ටු පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩ නගන සංධානයකින් එළැඹෙන ජනාධිපතිවරණය සඳහා මෛත‍්‍රීපාල සිරිසේන මහතා අපේක්ෂකත්වය බලාපොරොත්තුවන බවයි. නමුත් තවමත් මහින්ද පාර්ශ්වය ඊට අනුමැතිය ලබා දී නැත. අයවැය ඡුන්ද විමසීමේ දී ඊට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කිරීමට මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදිමදි කරන්නේ මේ හේතුව නිසා බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 5 =