මෛත‍්‍රී ජනපතිගේ කඩවුණු පොරොන්දුව.

0
557
- Advertisement -
Share

අපේ‍්‍රල් විසි තුන් වන දා රාති‍්‍රයේ රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, ඉදිරි පැය විසි හතර තුළ ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ගේ වෙනසක් සිදු කරන බව ප‍්‍රකාශ කළද, මේ වන තෙක් එවැනි කිසිදු වෙනසක් සිදු වී නැති බව වාර්තා වේ. ආරක්ෂක ලේකම් සහ පොලිස් පති වහා සිය ධූරවලින් ඉවත්විය යුතු යැයි ජනාධිපති වරයා ප‍්‍රකාශ කළ බවට ඊයේ දිනයේ ඇතැම් මාධ්‍ය වාර්තා කළ තිබුණත්, ඔවුන් දෙදෙනා ඉවත් වූ බවට නිල වශයෙන් කිසිදු දැනුම් දීමක් මෙතෙක් සිදු කර නැත. මීට පෙරද ජනාධිපතිවරයා මෙබදුම පොරොන්දුවක් ලබා දෙමින්, සති දෙකක් තුළ ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයේ සියලූ තොරතුරු රටට හෙළි කරන බව කියා සිටියේ ය. නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් පිළිගත හැකි ආකාරයේ කිසිදු තොරතුරක් හෙළි දරව් වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 + nineteen =