මෛත‍්‍රී අවුට්!

0
855
- Advertisement -

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකත්වය මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දීමේ හැකියාවක් නැති බව හිටපු ජනාධිපති, විපක්ෂ නායක, මහින්ද රාජපක්ෂ මහතා නිළ වශයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.
මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවද මෙම හමුවේ දී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කර ඇත.
මේ අතර එළැඹෙන අපේ‍්‍රලයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකාව බලා පිටත්ව යෑමට සූදානමින් සිටින බව බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකාගමනය පිටුපස ඇත්තේ, ඇමරිකානු පුරවැසි භාවය අහෝසි කර ගැනීමේ කි‍්‍රයාවලිය කඩිනම් කර ගැනීම බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 + 6 =