මෛත‍්‍රීට සහ කීර්තිට ඉල්ලා අස් වෙන්න කියයි.

0
1061
- Advertisement -
Share

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නට හා දකුණු පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන්ට වහාම එම තනතුරුවලින් ඉල්ලා අස්වැන්නයි ජනාධිපතිවරයා ඊයේ (02) රාත්‍රී දැනුම්දීමක් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

එසේම, ලබන අඟහරුවාදා කාම්බෝජයේ නිල සංචාරයක නිරතවීමට සිටින ජනාධිපතිවරයා, සඳුදා උදැසනම තමා හමුවන්නැයි ඔවුන් දෙදෙනාට දැනුම් දී ඇතැයි ද එම ආරංචිමාර්ග කියා සිටියි.

මෙසේ මොවුන් දෙදෙනා හදිසියේම ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ ඔවුන් දෙදෙනාගේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් ගෙන් එල්ලවී ඇති චෝදනා බව පැවසේ.

මොවුන් දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් හා අදාල පළාත්වල ශ්‍රීලනිප ආසන සංවිධායකයින් නොසලකා හරිමින් තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට පමණක් කටයුතු කරමින් සිටින බවට පසුගියදා පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී ද චෝදනා එල්ලවී තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − 3 =