මෛත‍්‍රීගේ සහාය හොරෙන්ම සජිත්ට

0
831
- Advertisement -

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයේ දී මධ්‍යස්ථව කටයුතු කරන බව ප‍්‍රකාශ කළද ඔහු රහසින් සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සහයෝගය ලබා දෙමින් සිටින බව සති අන්ත අනිද්දා පුවත්පත පවසයි.

එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රබලයෙකුගෙන් ලද තොරතුරු මත පදනම්ව අනිද්දා පුවත්පත එම පුවතා වාර්තා කර තිබුණි.


පුවත්පත වාර්තා කර තිබෙන අන්දමට, ජනාධිපතිවරයාගේ ප‍්‍රචාරක කටයුතු සදහා සම්බන්ධව සිටි බොහෝ දෙනා, මේ වන විට සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රචාරණ කටයුතු වෙනුවෙන් මැදිහත් වී සිටිති. ඒ අතර, ශිරාල් ලක්තිලක සහ සිරස ටීවී ආයතනයට සම්බන්ධ ඇතැම් නිළධාරීන් ප‍්‍රධාන වේ.


ජනාධිපතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට කල්තියාම තීරණය කර තිබුණු නමුත්, එය ප‍්‍රකාශ කිරීම දිනෙන් දින කල් යෑමට හේතු වී තිබුණේ ද ජනාධිපතිවරයා සහ සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා අතර ඇති හිතවත්කම බව පුවත්පත පවසයි. ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් මාධ්‍ය හමුවක් පවත්වා, එහිදී ජනාධිපතිවරයා විසින්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පල කරන බව පැවසීමට නියමිතව තිබුණත්, අවසාන මොහොතේ ජනාධිපතිවරයා නිර්පාක්ෂික වීමට බලපා ඇත්තේ ද දෙදෙනා අතර ඇති හිතවත් කමයි.

ඊට අමරතව, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ නායකයන්ගේ සහාය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දීම පිටුපස ද ජනාධිපතිවරයා සිටින බව පුවත්පත වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × five =