මෛත්‍රී වෙනුවෙන් නියෝජ්‍ය අග්‍රාමාත්‍යධූරයක් හදුන්වා දෙනවාට පොහොට්ටුවෙන්ම දැඩි විරෝධයක්.

0
388
- Advertisement -

මෛත්‍රී වෙනුවෙන් නියෝජ්‍ය අග්‍රාමාත්‍යධූරයක් හදුන්වා දෙනවාට
පොහොට්ටුවෙන්ම දැඩි විරෝධයක්.

පොහොට්ටු සංධානය මහ මැතිවරණය ජය ගැනීමෙන් පසුව, එහි පාර්ශ්ව කරුවකු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමාත්‍ය ධූර පහක් බලාපොරොත්තුවෙන් පසු වූ බව වාර්තා වේ.

නමුත් ඔවුන්ට හිමි වූවේ අමාත්‍ය ධූර දෙකක් පමණි. එම අමාත්‍ය ධූර දෙක පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් දෙදෙනෙකුට ලබා දීමට හිටපු ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ, අමාත්‍යවරයෙකුට වඩා ඉහළ තනතුරක් ඔහුට ලබා දීමට පොහොට්ටුවේ ඉහළ බළධාරීන් පොරොන්දු වී ඇති බැවිනි.

මෙම ඉහළ තනතුර නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධූරය වැනි තනතුරක් විය. 19 වන සංශෝධනය අහෝසි කර, විසිවන සංශෝධනය ගෙන ඒමේ දී, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තනතුරද ඒ සමගම ස්ථාපිත කිරීමේ අරමුණක් තිබුණද,මේ වන විට පොහොට්ටු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරු බොහෝ සංඛ්‍යාවක් එවැනි තනතුරක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර ඇති බව ඬේලි මිරර් පුවත්පත වාර්තා කරයි.