මෛත්‍රීගේ දෙවැනි ගමන සජිත් එක්ක ?

0
1203
- Advertisement -

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටු පක්ෂය අතර සාකච්ඡා දෙපාර්ශ්වයටම ජයග්‍රහණ අත් කර දෙන තැනකට නොඑන නිසා, දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය නියෝජනය කරන ඇතැම් පිරිස්, මෛත්‍රී අත්හැර පොහොට්ටු පක්ෂය වෙත යෑමේ අවදානමක් මතුව තිබෙන බව වාර්තා වේ.

එසේ පක්ෂය මාරු කිරීමට සූදානමින් සිටින අය තව දුරටත් රදවා තබා ගැනීමට, මෛත්‍රී පාර්ශ්වයේ ප්‍රබලයන් විසින් ඔවුන්ට අලුත් බලාපොරොත්තුවක් ලබා දී තිබේ. මේ අලුත් බලාපොරොත්තුව; සජිත් ප්‍රේමදාස යි.

සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී, ඉදිරි ජනාධිපතිවරණය සඳහා වෙනම තරග වදින්නේ නම්, මෛත්‍රී පිල ද ඔහු සමඟ එකතු වීමට නියමිත ය.

තමන්ට ගැටළු ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සමඟ නොව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙන්ම මෛත්‍රී පිලේ ප්‍රබල නායකයන් ද බොහෝ අවස්ථාවල පවසා තිබේ. සජිත් සමඟ එකතු වීමට ඔවුන් ද කැමැත්තෙන් සිටින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 2 =