“මේ මාසය අවසන් වනතෙක් සංචරණ සීමා ඉවත් නොකළ යුතුව තිබුණා..!” උපුල් රෝහන.

0
238
- Advertisement -

“මේ මාසය අවසන් වනතෙක්
සංචරණ සීමා ඉවත් නොකළ යුතුව තිබුණා..!”
උපුල් රෝහන.

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුව ජනතාව නොසැලකිලිමත් ලෙස හැසිරෙන ආකාරයක් නිරීක්ෂණය වන බව පවසන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ග් සංගමයේ ලේකම් උපුල් රෝහණ මහතා, මේ මාසය අවසන් වන තුරු සංචරණ සීමා ඉවත් නොකළ යුතුව තිබුණු බව අවධාරණය කරයි.

කෙසේ වෙතත්,ඉදිරියේ දී කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක් දක්නට හැකි වුවත්, එය සැබෑ තත්ත්වය නොවන බව ද ඔහු පවසයි.

සෞඛ්‍යසේවා අධ්‍යක්ෂක ජනරාල් විසින් නිකුත් කර තිබෙන නවතම චක‍්‍රලේඛයට අනුව, හදුනාගනු ලබන ආසාදිතයකුගේ පළමු පෙළ ආශ‍්‍රිතයන් සදහා මින් ඉදිරියට පීසීආර් පරීක්ෂණ සිදු නොකරන අතර, ඔවුන් සදහා ඇන්ටිජන් පරීක්ෂාවක් පමණක් සිදු කරයි.

පී.සී.ආර් පරීක්ෂාවකදී මෙන් නොව, ඇන්ටිජන් පරීක්ෂාවක දී වෛරසය හදුනා ගැනීමේ සංවේදීතාවය අඩු ය.

මේ තත්ත්වය මත ඉදිරියේ දී කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙනු ඇතත්, එය සැබෑ යතාර්ථය නොවන බව උපුල් රෝහණ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 + 6 =