“මේ ජීවිතය මගේ ආගමික විශ්වාසයට පටහැනියි.” මුස්ලිම් යෞවනිය බොලිවුඩය අත් හරියි.

0
605
- Advertisement -
Share

සයිරා වසීම් නම් කාෂ්මීර මුස්ලිම් යෞවනිය, බොලිවුඞ් සිනමාවේ රැුදී සිටීම තමන්ගේ ආගමික විශ්වාසයට පටහැනි බව කියමින් බොලිවුඩයෙන් සමු ගැනීමට තීරණය කර තිබේ. සයිරා වසීම්, බොලිවුඩය තුළ හොඳ අනාගතයක් හිමි යෞවනියකි. ලැබුණු පළමු චරිතයෙන් ම තවමත් නව යොවුන් වියේ පසුවන සයිරා, බොලිවුඞ් පේ‍්‍රක්ෂකාගාරය දිනා ගැනීමට සමත් වූවා ය. මල්ලවපොර කි‍්‍රඩාවේ යෙදෙන සහෝදරියන් දෙදෙනෙකුගේ ජීවිතය අලල නිර්මාණය වූ, Dangal චිත‍්‍රපටයේ වැඩිමල් සහෝදරියගේ ළමා විය නිරූපණය කළේ සයිරා විසිනි. සයිරා, 2017 ජාතික සිනමා උළෙළේ හොඳම සහාය රංගනය වෙනුවෙන් වූ සම්මානයද දිනා ගත්තා ය. අමීර් ඛාන් නිෂ්පාදනය කළ Secret Superstar චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රගපාන ලද්දේ ද ඈ විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve + nineteen =