“මේක බුදුන් තුන්වරක් වැඩිය රටක්..! අපට හිට්ලර්ලා අවශ්‍ය නෑ..!” මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

0
701
- Advertisement -

“මේක බුදුන් තුන්වරක් වැඩිය රටක්..!
අපට හිට්ලර්ලා අවශ්‍ය නෑ..!”
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඔහුට ඡුන්දය දුන් 69 ලක්ෂයක ජනතාව හිට්ලර් කෙනෙකු බලාපොරොත්තු වූ බවත්, ඉදිරියේ දී ජනාධිපතිවරයා එවැනි ගමනක් යනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම පසුගිය දා ප‍්‍රකාශ කර තිබුණි.

අමාත්‍ය දිළුම් අමුණුගමගේ එම ප‍්‍රකාශය මේ වන විට බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වෙමින් තිබේ.

ලංකාවේ ජර්මානු තානාපතිවරයා පවසා සිටියේ, හිට්ලර් යනු කිසිසේත්ම කිසිවෙකු විසින් ආදර්ශයට නොගත යුතු පුද්ගලයෙකු බවයි.

එමෙන්ම, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ද දිළුම් අමුණුගම අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය හෙළා දකියි.

ජනාධිපතිවරණයේ දී 69 ලක්ෂයක ජනතාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡුන්දය දුන්නේ හිට්ලර් කෙනෙකු බලාපොරොත්තුවෙන් නොවන බව බව පවසන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ, බුදුන් තුන්වරක් වැඩම කළ මේ රට තුළ කරුණාව පෙරදැරි නායකත්වයක අවශ්‍යතාව අවධාරණය කරයි.

තව දුරටත් උන්වහන්සේ පවසන්නේ රාජපක්ෂලා යනු හිට්ලර්ලාට එරෙහිව සටන් කළ නායකයන් බවයි.

දිළුම් අමුණුගම අමාත්‍යවරයා කාගෙන් හෝ ලකුණු දමා ගැනීමේ අරමුණෙන් එවැනි අදහසක් ප‍්‍රකාශ කරන්නට ඇති බව පවසන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ – ඇමතිවරයාගේ එම ප‍්‍රකාශය හෙළා දකින බව ද පවසා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 + fifteen =