මෙල්බර්න් නව රැල්ලේ මූලාරම්භය ලංකාවෙන් ගිය ශ‍්‍රී ලාංකිකයෙක්..!

0
437
- Advertisement -

මෙල්බර්න් නව රැල්ලේ මූලාරම්භය
ලංකාවෙන් ගිය ශ‍්‍රී ලාංකිකයෙක්..!

මෙල්බර්න් නුවරින් වාර්තා වන කොරෝනා නව රැුල්ලේ මූලාරම්භය, එරටට සංක‍්‍රමණය වූ ශ‍්‍රී ලාංකිකයෙකු හා සම්බන්ධ බව ඕස්ටේ‍්‍රලියානු සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරගෙන තිබේ.

ඩෙල්ටා ප‍්‍රභේධය යන නමින් හදුන්වන ප‍්‍රභල ව්‍යාප්තියක් සහිත ඉන්දියානු නව ප‍්‍රභේධය මේ වන විට මෙල්බර්න් නුවරින් වාර්තා වන අතර, එම ඩෙල්ටා ප‍්‍රභේදය, හෝටල් නිරෝධායනය සදහා පැමිණි සංචාරකයෙකු සමග සම්බන්ධ බවට එරට වැඩබලන අගමැතිවරයා පවසා තිබේ.

මැයි අටවන දා ශ‍්‍රී ලංකාවේ සිට ඕස්ටේ‍්‍රලියාව බලා සංක‍්‍රමණය වී, හෝටල් නිරෝධායනයට යොමු වී සිටි ශී‍්‍ර ලාංකිකයෙකු වෙත කරන ලද පරීක්ෂණ මගින්, අදාල ශ‍්‍රී ලාංකිකයා ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇති අතර, ඔහු ආසාදනය වී තිබෙන ප‍්‍රභේධය ඩෙල්ටා ප‍්‍රභේධය බවද තහවුරු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 1 =