මෙරට ඉතිහාසයේ කෙරෙන දැවැන්තම ආයෝජනය අද ආරම්භ වීමට නියමිතයි

0
570
- Advertisement -

මෙරට මෙතෙක් ඉතිහාසයේ කෙරෙන දැවැන්තම ආයෝජනය වන හම්බන්තොට, මිරිජ්ජවිල තෙල් පිරිපහදු සංකීර්ණයේ සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු අද (24) ආරම්භ වීමට නියමිතය.
පසුගිය දින කිහිපයේ තරමක් ආන්දෝලනාත්මක පුවත් මතුකළ තෙල් පිරිපහදු සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වීම සඳහා ඕමාන රජයේ ඛනිජ තෙල් සහ ස්වභාවික වායු පිළිබද අමාත්‍ය ආචාර්ය මොහොමඩ් හමාඩ් අල් රූමි මහතා ඇතුළු දූත පිරිසක් ඊයේ දිවයිනට පැමිණ තිබිණ.ඇමරිකානු ඩොලර් මිලියන 3850ක් ආයෝජනය කරමින් අක්කර 200ක භූමි භාගයක ඉදිකෙරෙන නව තෙල් පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු මාස 44ක් තුළ නිම කිරීමට නියමිතව ඇති අතර අක්කර 64ක භූමියක ඉදිකෙරෙන සිමෙන්ති කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු මාස 18ක් තුළ නිමකිරීමට නියමිතයමෙම ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට, මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේදී අද ආරම්භ කෙරෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × four =