මෙත්බෝ සෙවනේ ප්‍රශ්නය; වැරැද්ද පොලිසියේ ද – භාවනා මධ්‍යස්ථානයේ ද?

0
262
- Advertisement -
Share

මෙත්බෝ සෙවනේ ප්‍රශ්නය;
වැරැද්ද පොලිසියේ ද – භාවනා මධ්‍යස්ථානයේ ද?

මෙත්බෝසෙවන භාවනා මධ්‍යස්ථානයේ භික්ෂූන්වහන්සේලා සහ අහංගම පොලිසිය අතර මේ වන විට ගැටුමක් නිර්මාණය වී තිබේ.

පොලිසියට මෙත්බෝසෙවන භාවනා මධ්‍යස්ථානය සමග විශේෂ ආරෝවක් ඇති වීමට හේතුව, එහි ප්‍රධාන භික්ෂූන් වහන්සේ වන තිත්තගල්ලේ ආනන්ද ස්ථවිරයන් පැහැදිලිව පවසන්නේ නැත. ඒ නමුත්, භාවනා මධ්‍යස්ථානයේ සිටි තරුණයන් දෙදෙනෙකු පොලිසිය බලහත්කාරයෙන් රැගෙන ගිය බව උන්වහන්සේ පවයි. අදාල තරුණයා නිදහස් කර ගැනීමට තිත්තගල්ලේ ආනන්ද ස්ථවිරයන් ඇතුළු විශාල භික්ෂූන් පිරිසක් පොලිසියට වැඩම කර ඇති ආකාරයනම් පෙනේ.

එමෙන්ම, ආනන්ද ස්ථවිරයන් පවසන ආකාරයට, එම තරුණයන් දෙදෙනා නිදහස් කර ගැනීම සදහා පොලිසියේ සහ රජයේ ඉහළම තැන්වලින් අහංගම පොලිසියට බලපෑම් සිදු කිරීමට උන්වහන්සේ සමත්ව තිබේ. තිත්තගල්ලේ ආනන්ද ස්ථවිරයන් ෆේස්බුක් ලයිව් පැමිණ ඒ බව කියයි.

පොලිසිය පවසන ආකාරයට, ගැටුම ඇති වී ඇත්තේ මෙත්බෝ සෙවන භාවනා මධ්‍යස්ථානය සහ පොලීසිය අතර නොවේ. ගැටුම ඇති වී ඇත්තේ, මෙත්බෝසෙවන භාවනා මධ්‍යස්ථානය සහ ගම්වාසීන් අතරයි.

මෙත්බෝසෙවන භාවනා මධ්‍යස්ථානය මැදින් මාර්ගයක් වැටී ඇති අතර, කාලාන්තරයක් තිස්සේ ගම්මු එම මාර්ගය භාවිතා කර තිබේ. එසේ මාර්ගයක් තිබුණු බව, ග්‍රාම නිළධාරී මහතා සහ ඉමදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද සහතික කරන බව පැවසේ.

කෙසේ හෝ, මෙත්බෝසෙවන භාවනා මධ්‍යස්ථානය, මෙම මාර්ගය භාවිතා කිරීම ගම්මුන්ට තහනම් කර තිබේ. ගැටුම ඇති වී ඇත්තේ එම හේතුව මතයි.

මෙත්බෝසෙවන භාවනා මධ්‍යස්ථානය යනුවෙන් හදුන්වන්නේ ආරණ්‍ය සේනාසනයක් හෝ එවැනි අල්පේච්ඡ පන්සලක් නොවන බව බැලූ බැල්මට පෙනේ. එය අද වන විට මෙරට තුළ වෙසෙන බොහෝ ජනප්‍රිය භික්ෂූන්වහන්සේලා විසින් පවත්වාගෙන යන ආකාරයේ සුවපහසු ආශ්‍රමයකි.

එමෙන්ම, මෙම භාවනා මධ්‍යස්ථානය තුළ භික්ෂූන් මෙන්ම භික්ෂුණීන්වහන්සේලා ද වැඩ වාසය කරති.

කෙසේ වෙතත්, මෙත්බෝසෙවන භාවනා මධ්‍යස්ථානය සහ අහංගම පොලිසිය අතර මතුව තිබෙන ගැටළුව ගැන රටට කියන්න, තිත්තවැල්ලේ ආනන්ද ස්ථිවිරයන් මේ වන විට, 18 වතාවක් එෆ්.බී ලයිව් පැමිණ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × three =