“මෘත දේහ භූමදානය කොන්ක‍්‍රීට් කළ වළක කළ හැකියි.” සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජෙනරාල්.

0
520
- Advertisement -

“මෘත දේහ භූමදානය කොන්ක‍්‍රීට් කළ වළක කළ හැකියි.” සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජෙනරාල්.


කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ භූමදානය කළ හැකිදැයි සොයා බලන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යංශයට උපදෙස් ලබා දී තිබුණි. ඒ අනුව, මෘත දේහ කොන්ක‍්‍රීට් කළ වලක භූමදානය කළ හැකි බවට වූ යෝජනාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව අද අරුණ පුවත්පත වාර්තා කර තිබේ.

වෛරසය මෘත දේහය තුළ වැඩිකල් නොපවතින බැවින් බිය විය යුතු නැති බවද ඔහු විසින් පවසා තිබේ.

ඉදිරියේ දී රැස්වන කෝවිඞ් තාක්ෂණ කමිටුවට මෙම යෝජනාව ඉදිරිපත් කරනු ඇති බවට විශ්වාස කරයි.

දින කිහිපයක් ඇතුළත අදාල ගැටළුවට විසදුම් අවශ්‍ය බව අග‍්‍රාමාත්‍යවරයා පවසා තිබූ බවට මාධ්‍ය වාර්තා පළ විය.