මෘත දේහ ආදායනයට මිනී පෙට්ටි ලබා දීම පවුලේ ඥාතීන් ප‍්‍රතික්ෂේප කරයි. මෘත දේහ මෝචරියේ ගොඩ ගැසේ.

0
464
- Advertisement -
Share
4 / 100

මෘත දේහ ආදායනයට මිනී පෙට්ටි ලබා දීම
පවුලේ ඥාතීන් ප‍්‍රතික්ෂේප කරයි.
මෘත දේහ මෝචරියේ ගොඩ ගැසේ.


කොරෝනා ආසාදනයෙන් මිය ගොස් තිබෙන පුද්ගල මළ සිරුරු පහක්, අවසන් කටයුතු සදහා යොමු කිරීමට නොහැකිව මෝචරියේ රදවාගෙන ඇති බවට මාධ්‍ය වාර්තා වේ.

ගැටළුව පැන නැගී ඇත්තේ, මෙම පුද්ගලයන් පස් දෙනාගේ පවුල්වල ඥාතීන්, එම මෘත දේහ ආදාහනය කිරීම සදහා අවශ්‍ය මිනී පෙට්ටි ලබා දීම ප‍්‍රතික්ෂේප කිරීම හේතු වෙන් යැයි පැවසේ.

කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය යන පුද්ගල මෘතදේහ, ආදාහනය කළ යුතු බවට රජය සිටින දැඩි ස්ථාවරයට විරෝධය පළ කිරීමක් වශයෙන්, ඇතැම් පිරිස්, මෙසේ මිනී පෙට්ටි ලබා නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති බවටද මතයක් තිබේ.

කොරෝනා ආසාදනයෙන් මිය යන මෘත දේහ පැය විසිහතරක් තුළ ඉවත් කළ යුතු බව පැවසුනද, මෙම මෘතදේහ දින ගණනාවක් තිස්සේ මෝචරියේ පවතින බවට වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − ten =