“මෘතදේහ භූමදානය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා.” ඇමති චමල් රාජපක්ෂ. “නෑ..අනුමැතිය ලබා දුන්නේ නෑ..” ඇමති විමල් වීරවංශ.

0
252
- Advertisement -
Share
8 / 100

“මෘතදේහ භූමදානය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා.”
ඇමති චමල් රාජපක්ෂ. “නෑ..අනුමැතිය ලබා දුන්නේ නෑ..” ඇමති විමල් වීරවංශ.

කොරෝනා වසංගතයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ ආදාහනය කිරීම සදහා, පසුගිය සදුදා දිනයේ රැස් වූ කැබිනට් මණ්ඩලයේ දී අනුමැතිය ලබා දුන් බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ නමුත්, මෙම අවසරය ලබා දුන්නේ, විශේෂ ප‍්‍රදේශයක් තෝරා ගෙන එම ප‍්‍රදේශය තුළ පමණක් භූමදානය කිරීම සදහා බවද අමාත්‍යවරයා පවසා සිටියේ ය. හම්බන්තොට ප‍්‍රදේශයේ පැවති කිසියම් උත්සවයට සහභාගී වීමෙන් පසුව, මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ය.

මුස්ලිම් මෘතදේහ භූමදානය සදහා කැබිනට් අනුමැතිය ලැබුණු බවට හැගවෙන ආකාරයේ ප‍්‍රකාශයක අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ද පවසා තිබේ. කෙසේ නමුත් අමාත්‍ය විමල් වීරවංශ පවසා සිටින්නේ, කැබිනට් මණ්ඩලය එවැනි තීරණයක් නොගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 3 =