“මෘතදේහ භූමදානයෙන් වෛරසය ව්‍යාප්ත වන බවට සාක්ෂි නෑ. එබැවින් භූමදානයට ඇති අයිතිය පිළිගන්න. ” එක්සත් ජාතීන්ගේ සංවිධානය අගමැති මහින්දට ලියයි.

0
861
- Advertisement -
Share
9 / 100

“මෘතදේහ භූමදානයෙන් වෛරසය ව්‍යාප්ත වන බවට සාක්ෂි නෑ. එබැවින් භූමදානයට ඇති අයිතිය පිළිගන්න.”
එක්සත් ජාතීන්ගේ සංවිධානය අගමැති මහින්දට ලියයි.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් භක්තිකයන්ගේ මෘත දේහ භූමදානය කිරීමට අවසර දෙන ලෙස මුස්ලිම් ප‍්‍රජාව, කොරෝනා පළමු රැුල්ල ඇති වූ අවස්ථාවේ සිට ඉල්ලීම් කළද, මෙතෙක් ඒ සදහා අවසර ලබා දී නැත. රජයට සම්බන්ධ විවිධ පාර්ශ එවැනි අවසර ලබා දීමක් සදහා දැඩි විරෝධය දක්වන බව පෙනේ.

සිය විරෝධය සදහා ඔවුන් දක්වන හේතුව වන්නේ, එසේ මෘත දේහ භූමදානය කිරීමෙන්, වෛරසය ජල මූලාශ‍්‍ර හා එක් වී අවදානම් සහගත ව්‍යාප්තියක් ඇති විය හැකි බවයි.

කෙසේ වෙතත්, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින්. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, මෘත දේහ භූමදානයෙන් වෛරසය ව්‍යාප්ත වන බවට සාක්ෂියක් නැති බවයි. එබැවින්, මෘත දේහ භූමදානය සදහා අවසර ලබා දෙන ලෙස ද එම සංවිධානය ඉල්ලා සිටියි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, අග‍්‍රාමාත්‍යවරයා වෙත යොමු කර තිබෙන ලිපිය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 + two =