“මෘතදේහ භූමදානයට අදාල මාර්ගෝපදේශ සකස්කොට අවසන්..!” සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්.

0
105
- Advertisement -

“මෘතදේහ භූමදානයට අදාල මාර්ගෝපදේශ
සකස්කොට අවසන්..!”
සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්.


කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කිරීම සදහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කොට අවසන් බවත්, අද දිනය තුළ එම මාර්ගෝපදේශ එළි දක්වන බවටත් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා තිබේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර පැය හතලිස් අටක් ඇතුළත, මෘතදේහ භූමදානය කිරීමට කටයුතු සකස් කර දෙන බව මීට පෙර අවස්ථාවක දී හමුදාපතිවරයා පවසා තිබුණි.

කොරෝනා මෘතදේහ භූමදානය සදහා ඉරණතිවු දුපතේ කොටසක් වෙන් කර ඇති බව ඊයේ දිනයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසී ය.

මෘතදේහ ඉරණතිවු දුපත වෙත රැුගෙන යාමට අදාල වියදම් රජය විසින් දැරීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × one =