මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියා ගිය පිරිසක් එරටින් පිටුවහල් කරයි

0
681
- Advertisement -

නීති විරෝධිව මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු එරටින් පිටුවහල් කර ඇත.

පසුගිය සතියේ අදාල පුද්ගලයින් යාත්‍රාවකින් ඔස්ට්‍රේලියාව බලා ගමන් කරමින් සිටියදී ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් පිරිස ක්‍රිෂ්මස් දූපතේ රඳවා තැබීමෙන් අනතුරුව යලි ශ්‍රි ලංකාවට පිටුවහල් කර ඇති බව සඳහන්ය.

අදාල ශ්‍රී ලාංකිකයින් පිරිස මැයි මස පළමු සතියේ මෙරටින් පිටව ගොස් ඇති බවත් ඔවුන් අතර කුඩා දරුවෙකු ද වන බවත් ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත.

වසර 05කට පසුව ඔස්ට්‍රේලියාවට පැමිණි පළමු ශ්‍රී ලාංකිකයින් පිරිස මොවුන් වන අතර 2013 වර්ෂයේ සිට සරණාගතයින් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලාංකිකයින් 186 දෙනෙකු යළිත් හරවා එවීමට ඔස්ට්‍රේලියානු රජය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − ten =