මුහුදුබත් නෞකාවෙන් සිදු වූ පරිසර හානිය අධ්‍යයනය කිරීම සදහා ජනපති ගෝඨාභය බි‍්‍රතාන්‍යයේ සහාය ඉල්ලයි.

0
220
- Advertisement -

මුහුදුබත් නෞකාවෙන් සිදු වූ පරිසර හානිය
අධ්‍යයනය කිරීම සදහා ජනපති ගෝඨාභය
බි‍්‍රතාන්‍යයේ සහාය ඉල්ලයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මෙරට බි‍්‍රතාන්‍ය මහකොමසාරිස්වරිය අතර හමුවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුව තිබේ.

එහිදී, කොරෝනා වසංගතය මර්දනය කිරීමට රජය ගෙන යන වැඩ පිළිවෙළ පිළිබදවද සාකච්ඡුාවට බදුන් වී ඇති අතර, මෙරට එන්නත්කරණ වැඩසටහන සදහා සහාය විය හැකි ආකාරය පිළිබදව ද මහකොමසාරිස්වරිය කරුණු දක්වා ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා සහ බි‍්‍රතාන්‍ය මහකොමසාරිස්වරිය අතර සිදු වූ හමුවේ දී, එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීම හේතුවෙන් මෙරට සාගර කලාපයට සිදුව තිබෙන පරිසර හානිය පිළිබදව අධ්‍යනයන කිරීම සදහා බි‍්‍රතාන්‍ය විශේෂඥ සහාය ලබා දෙන ලෙස ජනාධිපතිවරයා මහකොමසාරිස්වරියගෙන් ඉල්ලා සිටි බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − 7 =