මුහුණු පොතේ ව්‍යාජ ගිණුම් ගැන රතන හිමිගෙන් පැමිණිලි.

0
509
- Advertisement -

තමන්ගේ නමින් පවත්වාගෙන යන ව්‍යාජ ෆේස්බුක් ගිණුම් කිහිපයක් පිළිබඳ පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ඊයේ (24) පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි කළහ.

‘‘ව්‍යාජ ෆේස්බුක් ගිණුම් කිහිපයක් මගේ නමින් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මම පැමිණිල්ලක් කළා. ඡන්ද කාලේ මගේ ලිපි උපශීර්ෂයක් යොදාගෙන මම ජනාධිපතිවරණ ඡන්ද සටනේ වෙනත් අපේක්ෂකයෙක්ට සහාය දෙනවා කියලා විශාල ප්‍රචාරයක් ගෙන ගියා. ඡන්දයක් ළං වෙනකොට විවිධ ව්‍යාජ තොරතුරු මගේ නමින් පවත්වාගෙන යන ව්‍යාජ ෆේස්බුක් ගිණුම් හරහා ප්‍රචාරය කරනවා.

මගේ දැනුම්දීමකින් හෝ සම්බන්ධීකරණයකින් තොරව පවත්වාගෙන යන මේ ව්‍යාජ ගිණුම් සම්පූර්ණයෙන්ම නීතිවිරෝධියි. ඒ නිසා අපේ කාර්යාලයෙන් පවත්වාගෙන යන නිල ගිණුම හැර අනෙකුත් සියල්ල වහාම අත්හිටුවන්න කටයුතු කරන්න කියලා අද අපි ඉල්ලා සිටියා’’ යැයි රතන හිමියෝ එහිදී පැවසූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − 14 =