මුස්ලිම් දේශයක් සඳහා ජිවිත පූජා කිරිමට සහරාන් ඉදිරියේ දිවුරුම් දුන් අයෙක් ත්‍රස්ත විමර්ශන ඒකකයට බාර දෙයි

0
714
- Advertisement -
Share

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන දින 90ක් රැඳවුම් නියෝග ලබාගෙන සිටි සැකකරු සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා ඔහු ත්‍රස්ත විමර්ශන ඒකකයට බාරදී තිබෙනවා.

ගාල්ල තනිපොල්ගහ පදිංචි මොහොමඩ් කාදර් මොහොමඩ් ෂස්නි (29) නමැති මෙම සැකකරු තව්හීද් ජමාත් සංවිධානයේ නායකයා බව කියන සහරාන් සමඟ සෘජුව සම්බන්ධතා පවත්වා ඇති බවත් මුස්ලිම් දේශයක් සඳහා ජිවිත පූජා කිරිමට සහරාන් ඉදිරියේ දිවුරුම් දී ඇති අයකු බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේතිබුණා.

සැකකරු බියගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ගණකාධිකාරීවරයකු ලෙස රැකියාව කර ඇති අතර එයට අමතරව ළමයින්ට ඉංග්‍රිසි පන්ති පැවැත්වීම ද සිදුකර ඇති බව සඳහන්.

සැකකරු සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ ප්‍රධාන පොලිස් පරික්ෂක උදය සෙනවිරත්න මහතා පැවසුවේ සැකකරුගේ බිරිඳගේ මල්වානේ නිවසේ පැවති සාදයකට සහරාන් සහ දෙහිවල බෝම්බය පුපුරුවා ගත් ජමිල් ඇතුළු පිරිසක් සහභාගී වීමෙන් පසුව බියගම උත්සව ශාලාවකදී සම්මන්ත්‍රණයක් ද පවත්වා ඇති බවයි.

එහිදි දිනක පුහුණවක් ලබා පසුව මාතලේ ස්ථානයකදි දින දෙකක ආයුධ පුහුණුවක්ද ලබා ඇති අතර එයට 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වී ඇති බවත් සැකකරු මුස්ලිම් දේශයක් වෙනුවෙන් ජිවිත පූජා කිරිමට දිවුරුම් දී ඇති අයකු බවට පරික්ෂණ වලදී තහවුරු කරගත් බවත් සහරාන්ගේ දේශනවලට සහභාගී වී ඇති සියලු දෙනා මේ වනවිට ත්‍රස්ත විමර්ශන ඒකකය බාරයේ සිටින නිසා එම පරීක්ෂණවලට සහායවීම සඳහා සැකකරු බාරදුන් බවත් ඒ මහතා කියා සිටියා.

ඉකුත් අප්‍රේල් 29 වැනිදා අත්අඩංගුවට ගන්නා ලද සැකකරු 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පනත යටතේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර දින 90 ක් රැඳවුම් නියෝග ලබා ගෙන පරීක්ෂණ පවත්වා ගෙන ගියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × three =