මුස්ලිම් ජාතිකයන් 51 ක් ඝාතනය කිරීම. නවසීලන්තය තුවක්කු ආපහු ඉල්ලයි.

0
663
- Advertisement -
Share

ක‍්‍රයිස්ට්චර්ච් නගරයේ මුස්ලිම් පල්ලියකට කඩා වැදුණු දැඩි මතදාරී සුදු ජාතිකයෙකු විසින් සිදු කළ වෙඩි තැබීමෙන්, මුස්ලිම් භක්තිකයන් පනස් එක් දෙනෙකු මිය ගියේ ය.

එම සිදුවීමෙන් පසුව, අර්ධ ස්වයංක‍්‍රීය ගිනි භාවිතය තහනම් කරන ප‍්‍රතිපත්තියකට නවසීලන්ත රජය ගියේ ය. ඒ අනුව, දැනට නවසීලන්ත වැසියන් සතු ගිනි අවි නැවත මිලදී ගැනීමේ වැඩසටහන් නවසීලන්ත රජය විසින් ගෙන යයි.

අන්තවාදී සුදු ජාතිකයා විසින් මුස්ලිම් බැතිමතුන් ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාරය සිදු කළ ක‍්‍රයිස්ට් චර්ච් නගරයෙන් ආරම්භ කර තිබෙන මෙම වැඩ සටහන අනුව, මේ වන විට ගිනි අවි 224ක් රජය ආපසු භාරගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − five =