“මුස්ලිම් ජාතිකයන් මෘත දේහ 20 භාර ගැනීම ඥාතීන් ප්රතික්ෂේප කළේ රජයට විරෝධය පෑමට.” රාවුෆ් හකීම්.
ඥාතීන් විසින් භාර ගැනීම ප්රතික්ෂේප කළ, කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය මෘත දේහ විස්සක් ඊයේ දිනයේ දී රජයේ මැදිහත් වීමෙන් ආදාහනය කර ඇති බව අද ඬේලි මිරර් පුවත්පත වාර්තා කර තිබේ.
එම පුවත උපුටා දක්වමින් , මුස්ලිම් කොන්ග්රස් නායක රාවුෆ් හකීම් මහතා පවසා සිටියේ, එම මෘත දේහ සියල්ල, මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ බවයි.
රජය, අසාධාරණ ලෙස, කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ ආදාහනයට බල කර ඇති බවත්, ඊට විරෝධය පළ කිරීමක් ලෙස, මුස්ලිම් ජාතිකයන් – එම මෘත දේහ භාර ගැනීම ප්රතික්ෂේප කර ඇති බවත් මුස්ලිම් කොන්ග්රස් නායකයා පැවසී ය.
මේ ජනතා විරෝධය තේරුම් ගෙන හෝ මුස්ලිම් මෘත දේහ භූමදානයට අවසර ලබා දෙන ලෙසද රාවුෆ් හකීම් මන්ත්රීවරයා පැවසීය.