මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ බලහත්කාරයෙන් ආදාහනය කිරීම; බි‍්‍රතාන්‍යයේ ප‍්‍රබලතම සංවිධානයක් ලංකාවට එරෙහිව නඩු දමයි…!

0
394
- Advertisement -

මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ
බලහත්කාරයෙන් ආදාහනය කිරීම;
බි‍්‍රතාන්‍යයේ ප‍්‍රබලතම සංවිධානයක්
ලංකාවට එරෙහිව නඩු දමයි…!

කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ බලහත්කාරයෙන් ආදාහනයට යොමු කිරීම මගින්, ශ‍්‍රී ලංකා රජය, මෙරට සුළු ජනවර්ගයක් වූ මුස්ලිම් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන බවට චෝදනා කරමින්, එක්සත් රාජධානිය තුළ කි‍්‍රයාත්මක වන ප‍්‍රබලතම මුස්ලිම් සංවිධානය වන, බි‍්‍රතාන්‍ය මුස්ලිම් කවුන්සිලය, ලංකාවට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.

මේ සදහා කි‍්‍රයාත්මක වීමට, එම සංවිධානයේ මහලේකම්, සාරා මොහොමඞ්ගේ නායකත්වයෙන් යුතු කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ. එම කාර්ය සාධක බලකායට නීතීඥයන් සහ වෛද්‍ය විශේෂඥයන් ද ඇතුළත් ය.

කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ, භූමදානය කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය අවසර දී ඇති බැවින්, ඊට ඉඩ දෙන ලෙස ලංකා රජයට බලපෑම් කරන ලෙස ජාත්‍යන්තරය මෙහෙයවීමට බි‍්‍රතාන්‍ය මුස්ලිම් කවුන්සිලය කටයුතු කිරීමට නියමිත ය.

එමෙන්ම අදාල කාරණය, මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ අවදානයට යොමු කිරීමට ද ඔවුන් සූදානමින් සිටියි.