මාසයක් කළ උපවාසය නිමා කරමින් ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් අද (05) රාමසාන් උත්සවය සමරනවා. ඊයේ (04) දිනයේ නව සඳ බලා අද දිනයේ රාමසාන් උත්සවය සමරන බව කොළඹ මුස්ලිම් මහ පල්ලිය නිවේදනය කළා.
මෙවර රාමසාන් උත්සවය චාම්ව සමරන ලෙස සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බව සමස්ත ලංකා ඉස්ලාමීය උපදේශක අල්හාජ් කලීල් මවුලවිතුමන් සඳහන් කළා.