මුස්ලිම් කොන්ග‍්‍රසය හෝ ද්‍රවිඩ ජාතික සන්ධානය සමග එකතු වන්නේ නෑ.

0
701
- Advertisement -

මීළග පාර්ලිමේන්තු මැතිවරණය සදහා, එක්සත් ජාතික පක්ෂය අත් හැර, ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය සමග එක්ව තරග වදින බවට, මුස්ලිම් කොන්ග‍්‍රස් නායක රාවුෆ් හකීම් මහතා පසුගිය දා ප‍්‍රකාශ කරන ලදී.

මුස්ලිම් කොන්ග‍්‍රස් නායක, හකීම් මහතාගේ එකී ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින්, ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ, තම පක්ෂය, මුස්ලිම් කොන්ග‍්‍රසය හෝ ද්‍රවිඩ ජාතික සන්ධානය සමග සන්ධානගතවීමට අපේක්ෂා නොකරන බවයි.

එමෙන්ම, ඉදිරි මැතිවරණය සදහා තමන් තරග වදින්නේ, ජාතික ජනබලවේගය වශයෙන් බවද පක්ෂය සදහන් කරයි.

ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.

මුස්ලිම් ‌කොන්ග්‍රසය හා සම්බන්ධ අසත්‍ය පුවත පිළිබඳ කරුණු පැහැදිලි කිරීමයි

පසුගිය 23වැනි දින මහනුවර පැවති ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂයේ සමුළුවක් අමතමින් එහි නායක රාවුෆ් හකීම් මහතා කරන ලදැයි පැවසෙන ප්‍රකාශයක් පිළිබඳ පුවතක් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.

එම පුවතට අනුව රාවුෆ් හකීම් මහතා කියා සිටින්නේ එළඹෙන මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ සිවිල් සංවිධාන සමග සන්ධාන ගතව තරග වැදීම පිළිබඳව තම පක්ෂය සලකා බලමින් සිටින බවයි. මේ පිළිබඳ දැනටමත් සාකච්ඡා ආරම්භ වී ඇති බවක්ද ඔහු කියා සිටී.

මෙම පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර එය හුදු රාවුෆ් හකීම් මහතාගේ අදහසක් පමණි. දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සමඟ සන්ධානයක් ලෙස තරග වැදීම පිළිබඳ කිසිදු සාකච්ඡාවක් සිදු වී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි. එසේම මෙම පක්ෂ සමග මැතිවරණ සන්ධානයක් ගොඩනැගීම පිළිබඳ අදහසක ජනතා විමුක්ති පෙරමුණ නොමැති අතර එළඹෙන මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ තරග වදින්නේ ජ.වි.පෙ.ද ඇතුළත් ජාතික ජන බලවේගය ලෙසය.

මාධ්‍ය ඒකකය
ජනතා විමුක්ති පෙරමුණ
2020.02.24

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 + 3 =