මුස්ලිම්වරුන්ට එරෙහිව ට‍්‍රම්ප් පැනවූ තහනම ඉවත් කරනවා. ජෝ බ්යිඩ්න් පොරොන්දු වෙයි.

0
216
- Advertisement -

“මුස්ලිම්වරුන්ට එරෙහිව ට‍්‍රම්ප් පැනවූ තහනම ඉවත් කරනවා.” ජෝ බ්යිඩ්න් පොරොන්දු වෙයි.

මුස්ලිම් ජනයා හා අප‍්‍රිකානුවන් බහුතරයක් සිටින රටවල් 13 කට එරෙහිව, ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් පනවා තිබූ සංචාරක තහනම, තමන් ජනාධිපති ධූරයේ දිවුරුම් දුන් සැනින් ඉවත් කරන බව ජෝ බයිඞ්න් පවසයි.

2017 වසරේ, බලයට පත් වූ සැනින්, තමන් සතු විධායක බලය භාවිතා කරමින්, මුස්ලිම් ජනතාව බහුතරයක් සිටින රටවල් හතකට එරෙහිව ට‍්‍රම්ප් සංචාරක තහනමක් පැනවී ය. එම රටවල් අතරට, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සිරියාව හා යේමනය ඇතුළත් විය.

ඉන් පසුව, ට‍්‍රම්ප් පාලනය, උතුරු කොරියාව, වෙනිසියුලාව, මියන්මාරය සහ සූඩානය ද මේ ලයිස්තුවට එක් කළේ ය.