“මුරලිගේ චරිතය රඟපාන්න ලැජ්ජා නැද්ද..?” ඉන්දීය සිනමාලෝලීන් විජේ සේතුපතිගෙන් අසති.

0
666
- Advertisement -
Share
8 / 100

මුරලිගේ චරිතය රඟපාන්න ලැජ්ජා නැද්ද..?”
ඉන්දීය සිනමාලෝලීන් විජේසේතුපතිගෙන් අසති.

මුත්තයියා මුරලිදරන් ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වන “800” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය, ඊයේ දිනයේ දී එළිදක්වා තිබුණි.

මෙම චිත්‍රපටයේ, මුරලිදරන්ගේ චරිතයට පන පොවන්නේ, විජේසේතුපති විසිනි.

විශිෂ්ඨ රංගන ශිල්පියෙකු වන විජේසේතුපති, මුත්තයියා මුරලිදරන්ගේ චරිතයට පන පෙවීම සම්බන්ධයෙන් ඉන්දීය සිනමා ලෝලීන් අතර විරෝධයක් ගොඩ නැගී තිබේ.

අදාල ප්‍රචාරක පටය නිකුත් වීමෙන් පසුව,ShameOnVijaySethupathi නම් හැෂ් ටැගය ජනප්‍රිය වෙමින් පවතී.

මුරලිදරන්, ද්‍රවිඩ ජාතිකයෙකු වුවත් සිංහලයෙකු මෙන් සිතන්නට පුරුදු වූ අයෙකු වීමත්, රාජපක්ෂ පාලනයට පක්ෂපාත වීමත් මේ විරෝධතාවයන්ට හේතු වී ඇති බව පෙනේ. ලංකාව, ද්‍රවිඩ ජාතිකයන්ට දෙවන පෙළ පුරවැසියන් සේ සලකන රටක් බව ඉන්දියානුවන් සිතති. විජේසේතුපති, මුරලිදරන්ගේ චරිතයට පන පෙවීම සම්බන්ධයෙන් ඇතැම් ඉන්දියානුවන් මේ තරම ප්‍රබල විරෝධයක් දක්වන්නේ ඒ නිසා යැයි සිතිය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 3 =