මුදල් ඇමතිගේ නමත් පැන්ඩෝරා පත‍්‍රිකාවල..! සියල්ලන් ගැන විමර්ෂණ අරඹන බව අගමැති ඉම්රාන් ඛාන් කියයි.

0
126
- Advertisement -

මුදල් ඇමතිගේ නමත් පැන්ඩෝරා පත‍්‍රිකාවල..!
සියල්ලන් ගැන විමර්ෂණ අරඹන බව අගමැති ඉම්රාන් ඛාන් කියයි.

ආන්දෝලනාත්මක පැන්ඩෝරා පත‍්‍රිකාවල නම් සදහන් සියළු පාර්ශ්ව පිළිබදව විමර්ෂණ අරඹන බව පාකිස්තාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.

අයුතු ලෙස උපයාගත් මුදල් විදෙස් රටවල විවිධ දේපළ මිලදී ගැනීම් සදහා ආයෝජනය කර තිබෙන රාජ්‍ය නායකයන් – රාජ්‍ය නිළධාරීන් – ක‍්‍රීඩකයන් සහ විවිධ ක්ෂේත‍්‍රවලට සම්බන්ධ පුද්ගලයන් පිළිබදව පැන්ඩෝරා පත‍්‍රිකා ඔස්සේ මේ වන විට හෙළිදරව් වී තිබේ.

ඉම්රාන් අග‍්‍රාමාත්‍යවරයාගේ මුදල් අමාත්‍යවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ නම් ඇතුළත් ය.

එසේම, අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ හිටපු මූල්‍ය උපදේශකවරයාගේ පුතාගේ නම පැන්ඩෝරා පත‍්‍රිකාවල සදහන්වන බව පැවසේ.

ලෝකයේ ජනපි‍්‍රය රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකුගේ ම නම් පැන්ඩෝරා පත‍්‍රිකාවල සටහන්ව තිබෙන නමුත්, අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ නම ඒ තුළ ඇතුළත් නොවන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 + 6 =