මුදල් අමාත්‍යංශයේ සහ මහාභාණ්ඩාගාරයේ වැඩ බලන ලේකම් ලෙස ගාමිණී සෙනරත් පත්කරයි.

0
5939
- Advertisement -
Share

මුදල් අමාත්‍යංශයේ සහ මහා භාණ්ඩාගාරයේ වැඩ බලන ලේකම් ලෙස, අග‍්‍රාමාත්‍ය ලේකම්, ගාමිණී සෙනරත් පත්කර තිබෙන බව වාර්තා වේ.

මුදල් අමාත්‍යංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ, එස්.ආර්. ආටිගල මහතා, වෛද්‍ය උපදෙස් මත නිවාඩු ලබා සිටීම හේතුවෙන් ගාමිණී සෙනරත් අදාල ආයතනයන් හී වැඩ බලන ලේකම්වරයා පත් කර තිබේ.

කෙසේ වෙතත්, රුපියල් කෝටි දහස ගණනක හදිසි ටෙන්ඩර් ගනු දෙනු කිහිපයට අනුමැතිය ඉල්ලා ආණ්ඩුවේ ප‍්‍රබලයන් කිහිප දෙනෙකුගෙන් ඉල්ල වී තිබෙන බලපෑම් හේතුවෙන් එස්.ආර්. ආටිගල මහතා මුදල් අමාත්‍යංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණු බව මීට පෙර පුවත් වෙබ් අඩවි රැසක් වාර්තා කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 + 2 =