මුතුරාජවෙල රක්ෂිතයේ ඉඩම් හොරෙන් ගොඩ කරයි. බලධාරීන් නිහඩයි.

0
239
- Advertisement -
Share

මුතුරාජවෙල රක්ෂිතයේ ඉඩම්
හොරෙන් ගොඩ කරයි. බලධාරීන් නිහඩයි.

කොළඹ-කටුනායක අධිවේග මාර්ගයේ ජාඇල පිවිසුම් දොරටුව ඉදිරිපස මාර්ගය දෙපස පිහිටි මුතුරාජවෙල රක්ෂිතයට අයත් පුරන් කුඹුරු ඉඩම් අනවසරයෙන් ගොඩකිරීම් දිනෙන් දින නොනවත්වා කෙරීගෙන යන බව ජාඇල නගර සභාවේ නාගරික මන්ත්‍රී (පො.ජ.පෙ.) රෝෂන් සේනානායක මහතා පැවසීය.

මේ වන විටත් එම මාර්ගය දෙපස ස්ථාන කීපයක අක්කර 4 කට ආසන්න ප්‍රමාණයක් මේ අන්දමින් ගොඩකර ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. මේ පිළිබඳව කොට්ඨාසය භාර නාගරික මන්ත්‍රී වශයෙන් තමා ජාඇල ගොවිජන සේවා නිලධාරී කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ජාඇල පොලිසිය ඇතුළු වගකිවයුතු ස්ථාන දැනුවත් කළත් මේ වන විටත් කිසිම බලධාරියෙක් මේ නීතිවිරෝධී ක්‍රියාවලියට එරෙහිව නිසි පියවර ගෙන නොමැති බවද මන්ත්‍රීවරයා පවසයි.

බැකෝ යන්ත්‍ර මෙන්ම බරවාහන යොදා අපද්‍රව්‍ය, ගල්, පස් යොදා දිවා රාත්‍රි සිදුකෙ​ෙරන මේ නීතිවිරෝධී අනවසර ගොඩ කිරීම් පිළිබඳව ජාඇල පොලිසියට කොතෙක් පැමිණිලි කළද පොලිසිය දක්වන උදාසීන බව ජනතාවට ප්‍රශ්නයක් වී ඇති බවද මන්ත්‍රීවරයා කියයි.

මේ සම්බන්ධයෙන් ජාඇල ගොවිජන සේවා නිලධාරී උදය රංගජීවගෙන් කළ විමසීමේදී ඒ මහතා පවසා සිටියේ ලද පැමිණිලි මත මේ වනවිටත් ගොඩකිරීම් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු යොදා ඇති බවය.

මේ අතර පිවිසුම් මාර්ගය අවට සුදුවැල්ල, තුඩැල්ල, ඒකල, දඬුගම වැනි ප්‍රදේශවල ජනතාව පවසා සිටින්නේ මෙසේ කුඹුරු ඉඩම් ගොඩ කිරීමෙන් ජල මාර්ග අවහිර වී මහ වැසි සමයේ ජලය ගලා යෑමට ක්‍රමවේදයක් නොමැතිකමින් පවුල් දහස් ගණනක් ගංවතුර තර්ජනයට මුහුණ දී පීඩාවට පත්වන බවය.

•බර්නාඩ් තිස්ස-ජාඇල /aruna/epaper.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − 16 =