මීතොටමුල්ල කුණු කන්ද යට තවත් අවදානම් මට්ටමේ පවුල් 141 ක්

0
661
- Advertisement -

පසුගිය සමයේ නාය යෑමට ලක් ඌ මීතොටමුල්ල කුණු කන්ද යට තවත් අවදානම් මට්ටමේ පවුල් 141 ක් සිටින බව සර්වෝදය ව්‍යාපාරය පවසයි.

කුනු කන්දේ එක් පසෙක ගංවතුරෙන් විනාශ ඌ නිවාස වෙනුවට සර්වෝදය විසින් ඉදිකර දුන් තාවකාලික නිවාස වල මෙම පවුල් වෙසෙන අතර පසුගිය සමයේ සිදු ඌ කුනු කන්ද නාය යෑමෙන් මෙම නිවාස වලට හානියක් සිදු නොවූ නිසා මේ පිරිස ගැන කිසිදු අංශයකට අවධානයක් යොමු නොවූ බවයි සර්වෝදය කොළඹ දිස්ත්‍රික් ස්ංවිධානය පෙන්වා දෙන්නේ.

හරිත උද්‍යාන යක් නිර්මාණය කිරීම සදහා කසළ කන්දේ සිදු කෙරෙන ඉදිකිර්‍ර්ම් කටයුතු හේතුවෙන් නිරන්තරයෙන් නැගෙන මීතේන් වායුව නිසා මෙම නිවාස පිහිටි පෙදෙස බරපතල වායු දූශනයකට ලක්ව ඇති බව පෙන්වාදෙන එම සංවිධානය
මෙහි වෙසෙන තරුන පිරිසෙන් සියයට 85 ක් පමන මත්ද්‍රව්‍යය ට ඇබ්බැහි වී ඇතැයි එහි කල අධය්‍යනයකින් හෙලී වී ඇති බවද වැඩි දුර ටත් පැවසීය.

එම නිවාස වල ජීවත් වන බොහෝ දෙනෙකුට වැසිකිලිඋ පහසුකම් නොමති අතර,පවතින වැසිකිළි පවා ඇළ මාර්ග වලට හරවා ඇතැයි ද කී එම සංවිධානය මන්දපෝශිත දරුවන්ද ඇතැයි ප්‍රකාශ කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six + two =