මිල සූත‍්‍රය කි‍්‍රයාත්මක වූවානම්, අද පෙට‍්‍රල් ලීටරයක් රු.117 යි.

0
462
- Advertisement -

තමන් මුදල්ව අමාත්‍යවරයාව සිටි සමයේ හදුන්වාදෙන ලද මිල සූත‍්‍රය කි‍්‍රයාත්මක වෙමින් පැවතියේ නම්, ලෝක වෙළද පොලේ මේ වන විට පවතින ඉන්ධන මිල ගණන් අනුව සලකා බැලීමේ දී ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 117 දක්වා පහත බැසිය යුතු බව මංගල සමරවීරව මහතා පවසයි.

එසේ නමුත්, මේ වන විට ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 137 ක මිලකටයි.

2015 යහපාලන රජය බලයට පත් වීමට පෙර, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 2000 ඉක්මවා තිබුණු අතර, යහපාලන රජය බලයට පත් වීමෙන් පසුව, එම මිල රු.1500 දක්වා පහතා හෙළුෑ බවද හිටපු අමාත්‍යවරයා පවසයි. ඉන්ධන සදහා මෙන්ම ගෑස් සදහාද මිල සූත‍්‍රයක් හදුන්වා දිය යුතු බව ඔහු පවසයි.

ඉන්ධන මිල සූත‍්‍රය කි‍්‍රයාත්මකව පැවති සමයේ දී ලෝක වෙළද පොලේ ඉන්ධන මිල ගණන් අනුව, සෑම මසකම 10 වන දා මෙරට ඉන්ධන මිල ගණන් සංශෝධනය වීම සිදු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × five =