“මිල අඩු කළා කියා කිව්වත්, බඩු මිල ඇත්තටම අඩු වෙන්නේ නොවැම්බරයේ සිට.” තොග වෙළදුන් කියති.

0
151
- Advertisement -
Share
4 / 100

“මිල අඩු කළා කියා කිව්වත්,
බඩු මිල ඇත්තටම අඩු වෙන්නේ නොවැම්බරයේ සිට.” තොග වෙළදුන් කියති.

ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ මත පනවා තිබෙන බදු රජය මගින් අඩු කලද, එම අඩු කළ මිලට භාණ්ඩ ලබා දිය හැක්කේ නොවැම්බරයේ සිට බව, තොග වෙළදුන්ගේ සංගමය පවසයි.

බදු අඩු වීමේ වාසිය ආනයන වෙළදුන්ට ලැබෙන්නේ, ඉදිරියේ දී ආනයනය කිරීමට නියමිත භාණ්ඩ තොග සදහා වන අතර, දැනට ගෙන්වා තිබෙන භාණ්ඩ අඩු මිලට අලෙවි කිරීමේ හැකියාවක් නැති බව ඔවුන් පවසයි.

කෝවිඞ් වසංගත තත්ත්වය මත පීඩාවට පත්ව සිටින ජනතාවට සහනයක් ලෙස, පරිප්පු, ටින් මාළු, බී ළුෑණු සහ සීනි මත පනවා ඇති බදු අඩු කළ බව පසුගිය දා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නිකුත් කර තිබුණි.

ඒ අනුව, ටින් මාළු ටින් එකක මිල රුපියල් 200 ක්, ලොකු ළුෑණු කිලෝවක මිල රු. 100 ක් සහ සීනි කිලෝවක මිල රුපියල් 85 ක් විය යුතුය.

කෙසේ වෙතත් මෙම මිළ ගණන්වලට භාණ්ඩ ලබා දිය නොහැකි බවයි තොග වෙළදුන් පවසන්නේ. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ, ඉන්දියාවෙන් ගෙන් වූ භාණ්ඩ තොග තවමත් ඔවුන් සන්තකයේ පැවතීමයි. ඉන්දියාව ඕනෑම මොහොතක භාණ්ඩ අපනයනය නතර කිරීමේ තීන්දුවක් ගත හැකි නිසා, ලංකාවේ තොග වෙළදුන් ඉන්දියාවෙන් වැඩිපුර තොග මිලදී ගැනීමට පෙළඹී සිටිති. ඔවුන් සති තුනකට හෝ හතරකට පමණ ප්‍රමාණවත් තරමට භාණ්ඩ ආනයනය කරති.

බදු අඩු කිරීමේ වාසිය දැනට පවතින තොග සදහා නොලැබෙන අතර, අළුතින් තොග ආනයනය කිරීමට තවත් සති කිහිපයක් බලා සිටීමට සිදු වේ.

සන්ඬේ මෝර්නිං ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × one =