“මිලින්ද මොරගොඩ ද්විත්ව පුරවැසිභාවය අත්හැරියේ ජනාධිපති ගෝඨාභය ද්විත්ව පුරවැසිභාවය අත්හරින්ඩත් කලින්.” කොටපිටියේ රාහුල හිමි.

0
170
- Advertisement -
Share

“මිලින්ද මොරගොඩ ද්විත්ව පුරවැසිභාවය අත්හැරියේ
ජනාධිපති ගෝඨාභය ද්විත්ව පුරවැසිභාවය අත්හරින්ඩත් කලින්.”
කොටපිටියේ රාහුල හිමි.

විකිලීක්ස්වල මිලින්ද ගැන විතරක් නෙවෙයි ජී.ඇල් පීරිස් ගැනත් තියෙනවා.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස, මිලින්ද මොරගොඩ පත් කිරීමට ඇති සූදානම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් විවේචන එල්ල වෙමින් පවතී. විවේචන ඉදිරිපත් කරන සියල්ලන්ම පාහේ, පසුගිය ජනාධිපතිවරණයේ දී ත්, මහමැතිවරණයේදීත්, ජනාධිපති ගෝඨාභයගේ සහ පොහොට්ටු පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූවන් වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත්, මිලින්ද මොරගොඩට එල්ල කරන විවේචනයන්ගෙන් ඔහුව ආරක්ෂා කර ගැනීම සදහා කොටපිටියේ රාහුල හිමි ඉදිරිපත්ව සිටියි.

මිලින්ද මොරගොඩට එල්ල වන ඔහු ඇමරිකානු පුරවැසියෙක් යන චෝදනාව සම්බන්ධයෙන් පිළිතුරු බදින කොටපිටියේ රාහුල හිමි, මිලින්ද මොරගොඩ, ඔහුගේ ඇමරිකානු පුරවැසිය භාවය ඉවත්කරගෙන ඇත්තේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ද්විත්ව පුරවැසිභාවය ඉවත්කර ගැනීටමත් පෙර යැයි සදහන් කරයි.

එමෙන්ම, මිලින්ද මොරගොඩ සම්බන්ධයෙන් විකිලීස් හරහා හෙළිදරව් වී ඇති කරුණු සම්බන්ධයෙන් අදහස් පළ කරන කොටපිටියේ රාහුල හිමි පවසන්නේ, විකිලීස් හෙළිදරව් කිරීම් තුළ මහාචාර්ය ජී.ඇල් පීරිස් සම්බන්ධයෙන් ද විස්තර පැවති බවයි.

මේ කිසිවක්, ඉහළ තනතුරක් දැරීමට මිලින්ද මොරගොඩ නුසුදුස් බවට හේතු ලෙස ඉදිරිපත් කළ නොහැකි බවයි කොටපිටියේ රාහුල හිමි පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × four =