මියන්මාර හමුදා ජුන්ටාව අද දිනයේ දී පමණක් සිවිල් පුරවැසියන් 91 ක් මරා දමයි.
හමුදා කුමන්ත්‍රණයට පසු මරා දැමූවන් ගණන 328 ක්.
මියන්මාරයේ බලය අල්ලාගෙන සිටින එරට හමුදා ජුන්ටාව, අද දිනය තුළ පමණක්, හමුදා පාලනයට එරෙහිව වීදි බැස සිටින සාමාන්‍ය සිවිල් පුරවැසියන් 91 දෙනෙකු ඝාතනය කර ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.
මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලී නුවර පමණක් 29 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති අතර, ඝාතනයට ලක් වූ පිරිස අතර වයස අවුරුදු පහක දරුවකුද සිටින බව පැවසේ.
පසුගිය පෙබරවාරියේ කුමන්ත්රණයකින් බලය අල්ලාගත් මියන්මාර හමුදාව, එක් දිනක් තුළ වැඩිම සිවිල් වැසියන් ප්‍රමාණයක් මරා දැමූ දිනය ලෙස අද දිනය සටහන් වේ.
හමුදා කුමන්ත්‍රණයට එරෙහිව නැගී සිටි සිවිල් පුරවැසියන් 328 දෙනෙකු මේ කෙටි කාලය තුළ ඝාතනයට ලක්ව ඇති බව වාර්තා වේ.