“මියන්මාර මිලිටරි ජුන්ටාවට තුවක්කු විකුණන්න එපා..!” එක්සත් ජාතීන්ගේ සංවිධානය සාමාජික රටවලින් ඉල්ලයි.

0
393
- Advertisement -

“මියන්මාර මිලිටරි ජුන්ටාවට තුවක්කු විකුණන්න එපා..!” එක්සත් ජාතීන්ගේ සංවිධානය සාමාජික රටවලින් ඉල්ලයි.

කුමන්ත‍්‍රණයකින්, පසුගිය පෙබරවාරි මාසයේ සිට මියන්මාරයේ බලය අල්ලාගෙන සිටින හමුදා ජුන්ටාවට – අවි ආයුධ අලෙවි නොකරන ලෙස, එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය සාමාජික රටවලින් ඉල්ලා තිබේ.

එමෙන්ම, හමුදා ජුන්ටාව විසින් අත් අඩංගුවට ගෙන රැදවුම්භාරයේ තබාගෙන සිටින අවුං සාන් සූකී ඇතුළු දේශපාලන රැදවියන් නිදහස් කරන ලෙසත්, විරෝධතා දක්වන නිරායුධ සිවිල් වැසියන්ට එරෙහිව එල්ල කර තිබෙන මිලිටරි ප‍්‍රචණ්ඩත්වය වහාම නවතා දමන ලෙසත් එක්සත් ජාතීන්ගේ සංවිධානය, හමුදා ජුන්ටාවෙන් ඉල්ලා සිටියි.

මියන්මාරයට එරෙහිව ගෙන ආ මෙම යෝජනාවට රටවල් 119 ක ඡන්දය ලැබී ඇති අතර, යෝජනාවට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කර තිබුනේ බෙලරුස් රාජ්‍යය පමණි.

රටවල් 36 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් අතර චීනය සහ රුසියාවද සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 2 =