මියන්මාර් හමුදා ජුන්ටාව ඊයේ දිනයේ දී
සිවිල් පුරවැසියන් 114 ක් ඝාතනය කිරීම
බලවත් රටවල් 12 ක ආරක්ෂක ප්රධානීන් දැඩිව හෙලා දකියි.
කිරීමියන්මාරයේ බලය අල්ලගෙන සිටින හමුදා ජුන්ටාව ඊයේ දිනයේ දී නිරායුධ සිවිල් පුරවැසියන් 114 දෙනෙකු ඝාතනය කිරීම, ලෝකය ප්රබල රටවල් 12 ක ආරක්ෂක ප්රධානීන් පිළිකුළෙන් යුතුව හෙලා දැක තිබේ.
ආරක්ෂක හමුදාවක කාර්ය භාරය පුරවැසියන් ආරක්ෂා කිරීම මිස ඔවුන් ඝාතනය කිරීම නොවන බව ඒකාබද්ධ නිවේදනයකට අත්සන් තබා ඇති එම ආරක්ෂක ප්රධානී සදහන් කර තිබේ.
මියන්මාරයේ ඊයේ සිදු වූ මෙම ඝාතනය හෙළා දැක ඇති රටවල් අතර ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජපානය, දකුණු කොරියාව, ඕස්ටේ්රලියාව, නවසීලන්තය, කැනඩාව, ජර්මනිය, ග්රීසිය, ඉතාලිය, ඩෙන්මාර්කය සහ නෙදර්ලන්තය යන රටවල් ඇතුළත් ය.