මියන්මාර් හමුදා ජුන්ටාව නිරායුධ පුරවැසියන් 550 ක් මරා දමති. ඉන් 46 ක් දරුවන්.
පෙබරවාරි පළමු වැනිදා කුමන්ත්‍රණයක් මගින් බලය අත්කර ගත් මියන්මාර හමුදා ජුන්ටාව, එදා සිට මේ දක්වා, ප්රජාතන්ත්රවිරෝධී හමුදා පාලනයට එරෙහිව උද්ඝෝෂණය කළ නිරායුධ සිවිල් පුරවැසියන් 550 දෙනෙකු ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හමුදා ජුන්ටාව මගින් මරාදමා ඇති සිවිල් පුරවැසියන් 550 දෙනා අතර, දරුවන් 46 දෙනෙකු සිටින බවද පැවසේ.