මියගොස් ඇත්තේ අංගොඩ ලොක්කා බව ඉන්දීය පොලිසිය තහවුරු කරයි.

0
581
- Advertisement -

මියගොස් ඇත්තේ අංගොඩ ලොක්කා බව
ඉන්දීය පොලිසිය තහවුරු කරයි.

දෙවසරකට වඩා වැඩි කාලයක් සැගවී සිටි, අංගොඩ ලොක්කා නමින් හදුන්වන පාතාල කල්ලි නායකයා ඉන්දියාවේ දී මියගොස් ඇති බව ඉන්දීය පොලිසිය තහවුරු කරයි.

අනන්‍යතාවය සගවාගෙන ඉන්දියාවේ ඔහුට සැගවී සිටීමට උපකාර කළ තිදෙනෙකු ඉන්දිය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. අත් අඩංගුවට ගත් තිදෙනාගෙන් එක් අයෙක් ශ්‍රී ලාංකිකයෙකු බව පැවසේ.

පසුගිය ජුලි තුන්වනදා හෘදයාබාධයකින් ඔහු මිය ගොස් තිබේ.

අංගොඩ ලොක්කා යන අන්වර්ථනාමයෙන් හැදින් වූ වද, ඔහුගේ සැබෑ නම. මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා ය.