මියගිය සිය බිළිදිය වැළද ගන්නට හෝ දෑසින් වැටෙන කදුළු පිසදා ගන්නට හෝ දුතාර්තේ ගේ පොලීසිය ඇගේ මාංචු ගැලවූවේ නැත.

0
590
- Advertisement -
Share
9 / 100

මියගිය සිය බිළිදිය වැළද ගන්නට හෝ
දෑසින් වැටෙන කදුළු පිසදා ගන්නට හෝ දුතාර්තේ ගේ පොලීසිය
ඇගේ මාංචු ගැලවූවේ නැත.

මාස තුනක් වයසැති සිය බිළිදිය වැළද ගන්නටවත්, පොලිසිය ඇගේ මාංචු ගැලවූවේ නැත. සිද්ධියෙන් කම්පනයට පත්ව සිටින මානව හිමිකම් සංවිධාන, ජනාධිපතිගේ දුතාර්ගේ පාලනයට සහ පිලිපීන පොලිසිය වෙත සිය විරෝධය පළ කරමින් සිටිති.

23 හැවිරිදි නසීනෝ පිලිපීනයේ ක්‍රියාත්මක වන රාජ්‍ය විරෝධී වාමාංශික සංවිධානයකට සම්බන්ධ සාමාජිකාවකි. පොලිස් මගින් ඇය අත් අඩංගුවට ගෙන තිබුණු අතර, පසුගිය ජූලි මාසයේ දී ඇය සිරගෙය තුළ දරුවකු ප්‍රසූත කළා ය. පොලිසිය, දරුවා – ඇගේ මවගෙන් වෙන් කළ අතර, කොරෝනා වසංගතය සහ දරුවා ගැන ගැන සිතා තමන් නිදහස් කරන ලෙස නසීනෝ එරට අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.
නමුත් ඇගේ ඉල්ලීම ඉටු වූවේ නැත.
මේ අතර රෝගී වූ දරුවා මිය ගියේ ය.
දරුවාගේ අවසන් මොහොත සදහා සහභාගී වීමට නසීනෝට අවසර ලැබුණි. නමුත්, කිසිදු මොහොතක පොලිසිය ඇගේ මාංචු ගැලවූවේ නැත.

සුදු පැහැති පෙට්ටියක වැතිර සිටි දරුවා වැළද ගන්නට ඇයට අවස්ථාවක් ලැබුණේ නැත. කොටින්ම, සිය දෑසින් ගලා හැලෙන කදුළු පිසදා ගැනීමටවත් ඇයට ඉඩක් නොවී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − 7 =