“මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයන් බහුතරයකට රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නෑ.” වෛද්‍ය හේමන්ත හේරත්.

0
165
- Advertisement -
Share
4 / 100

මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයන් බහුතරයකට
රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නෑ. වෛද්‍ය හේමන්ත හේරත්.


මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ බහුතරයක්, රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව ආසාදිතයන් බව, වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

මෙම ආසාදිතයන් බහුතරයක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන අතර, පිරිසක්, සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන බවයි වෛද්‍යවරයා පවසන්නේ.

කෙසේ වෙතත්, ඉදිරි දින කිහිපයේ දී ඔවුන් ගේ තත්ත්වය කෙසේ විය හැකි ද යන්න මෙතෙක් අනුමාන කළ නොහැකි බවද වෛද්‍යවරයා පවසයි.

තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැකි යමකු සැක කරන්නේනම්, ඔහු හෝ ඇය පළමුව කළ යුත්තේ මූලික සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමයි. එනම්, මුව ආවරණ පැළදීම, දෑත් සේදීම, සහ අන් අයගෙන් ඈත්ව ජීවත් වීමයි.

දිනකට පසුවත්, රෝග ලක්ෂණ තව දුරටත් පවතීනම් සහ, ආදාල තැනැත්තා කොරෝනා රෝගීන් හමුව ඇති ප්‍රදේශය සංචාරය කර තිබේනම්, ඔහු ජීවත් වන ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ නිළධාරීන් දැනුවත් කළ යුතුය. ඒ අනුව, එම නිළධාරින් පැමිණ අදාලා තැනැත්තා සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරනු ඇත.

මෙම මුළු කාල සීමාව තුළම, අදාල නැතැත්තා අන් අයගෙන් වෙන්ව සිටීමත්, නිවස තුළටම වී සිටීමත් අතිශයින්ම වැදගත් බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − 9 =