මිනී මැරුම් චෝදනා සහ දේශපාලඥයන් සමග ඇති සම්බන්ධකම් ගැන මදූෂ් කතා කරයි

0
671
- Advertisement -

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතාට වෙඩි තැබීම හා බන්ධනාගාර බස් රථයකින් රැගෙන යමින් සිටියදී පාතාල නායකයෙකු වන අරුණ උදය ශාන්ත හෙවත් රණාලේ සමයං ට වෙඩි තැබීම සම්බන්ධ සිද්ධීන් මෙහෙයවූයේ තමා විසින් බව පාතාල නායක සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධූෂ් පිළිගෙන ඇතැයි පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වනවා.

බස්නාහිර පළාතේ ආණ්ඩුවේ සිටින ප්‍රබල ඇමතිවරයෙකු හා දකුණු පළාතේ හිටපු ප්‍රබල ඇමතිවරයෙකු සමඟ තමා සමීප සම්බන්ධතා පැවැත්වූ බවද මේ වනවිට ඔහු හෙළිකර තිබෙනවා.

කෙසේ වුවද තමා ඩුබායි හිදී ඩුබායි පොලිසියට කොටු වීමෙන් පසුව මොවුන් දෙදෙනාම තමන්ට උදව් කිරීම මගහැරී බවද ඔහු පවසා ඇතැයි වාර්තා වනවා.

බස්නාහිර පළාතේ අදාළ අමාත්‍යවරයා දකුණු පළාතේ සංචාරය කළ බොහෝ අවස්ථාවලදී නවාතැන් හා සංග්‍රහයන් ලබාදීම සඳහාද තමා කටයුතු කළ බවද මධුෂ් හෙළිකර තිබෙනවා.

මේ වනවිට මාකඳුරේ මධුෂ් භාවිතාකල 3.8 වර්ගයේ පිස්තෝල දෙකක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − ten =